විකසිත නෙළුම. . .
- Details
- Category: IceTabs
- Published on Monday, 07 February 2011 19:40
- Written by Super User
- Hits: 278

චී
න රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකළ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අද(15) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. එසේ විවෘත වූ නෙළුම් පොකුණ රඟහල මෙසේ ඡායාරූපයට නැගී තිබිණ. පොළාන්නරුව ඓතිහාසික නෙළුම් පොකුණ ආකෘතියට අනුව කොළඹ පැරණි නොමැන්ස් ක්‍රීඩා පිටිය භූමියේ මෙම නව රඟහල ඉදිකර ඇත. රුපියල් බිලියන 3 ට අධික වියදමකින් සකස් කර ඇති මෙම රංග ශාලාවේ ප්‍රධාන ශ්‍රවණාගාරය ආසන 1288 න් සමන්විතය. ඊට අමතරව උඩුමහලේ එළිමහන් රංග පීඨයක්, පුස්තකාලයක්, කලාකරුවන්ගේ පුහුණු මධ්‍යස්ථානයක්, වේශ නිරූපණාගාරයක්, විවේකාගාරයක් සහ ආපනශාලාවකින් ද මෙම රඟහල අංග සම්පූර්ණ වී තිබේ.
විකසිත නෙළුම. . .
News source : Adaderana


